
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී අද සිය මව හා බාල සහෝදරයා සමග බස්නැවතුම්පොළට පැමිණ පාසල් යාම සදහා බසයට ගොඩ වීමට උත්සාහ කළ 06 හැවිරිදි පාසල් සිසුවියක එම බසයෙන් ඇද වැටී පිටුපස රෝදයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.
එසේ අවාසනාවන්ත ලෙස ම මරුමුවට පත්ව තිබුණේ ගොඩඋඩ ලුණුකලපුව පදිංචිව සිටි හබරාදුව කංකානම්ගේ චනුදි සෙනාරා (06) නැමැති දැරියකි.
දික්වැල්ල උතුරු මහ විද්‍යාලයේ 01 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය උදෑසන පාසල් යාම සදහා තම මව හා පෙර පාසල් වයසේ පසුවන බාල සහෝදරයා සමග නිවසේ සිට බස් නැවතුම්පොල වෙත පැමිණ තිබුණි.
ඒ සමගම මාතර දෙස සිට මිද්දෙණිය බලා යාමට පැමිණි පුද්ගලික බසයට අත දමා ඔවුන් එහි ඉදිරිපස දොරටුවෙන් ඊට ගොඩ වීමට උත්සාහ කර තිබෙන බව පොලීසිය සදහන් කරයි.
පළමුව මව සහ කුඩා දරුවා බසයට ගොඩ වී දෙවනුව දැරිය බසයට ගොඩ වනවාත් සමගම බසය ඉදිරියට ධාවනය වී ඇති බවත් එම අවස්ථාවේ දී ඇය ඉන් ඇද වැටී එම බසයේම පිටුපස රෝදයට යට වී තිබෙන බවත් මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
අනතුරින් දැරියගේ හිසට බරපතල තුවාල සිදු වී තිබු අතර එම ස්ථානයේ දීම ඇය මිය ගොස් තිබීම නිසා ප්‍රදේශවාසීන් පැමිණ ඇද ඇතිරිලි යොදා එම සිරුර ආවරනය කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවර්ව එල්ලන්න එපැයි. හදිස්සියට තරගෙට රේස් යන්නේ බස්, කාලකණ්ණි...